Friday, September 2, 2011

චෙස් ක්‍රීඩාවේ මූලික සංකල්ප


චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය ...........

               ඕනෑම ක්‍රීඩාවකට උපතක් තිබේ.එසේත් නැතිනම් එම ක්‍රීඩාවේ ආරම්භයට ඉතිහාසයක් තිබේ.අප ක්‍රීඩා කිරීමේදීත් ක්‍රීඩා කරන ආකාරය බලා සිටීමේදීත් එම ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳව යම්කිසි මතක සටහනක් තිබේ නම් එම ක්‍රීඩාව පිළිබඳව සම්පූර්ණ තෘප්තියක් ලැබිය හැක.

     අද ලෝකයේ බොහෝ ක්‍රීඩා තිබේ.එම බොහෝමයක් ක්‍රීඩා තම ශරීර ශක්තිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.නමුත් ඉතා සුලු ක්‍රීඩා කිහිපයක් පමනක් මානසික ශක්තිය නොහොත් බුද්ධිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.එම ක්‍රීඩා කිහිපය අතරිනුත් චෙස් ක්‍රීඩාව ඉදිරියෙන්ම තිබෙන ක්‍රීඩවකි. 
  
     චෙස් ක්‍රීඩාවට තිබෙන අන්වර්ත නාමය ' රජ වරුන්ගේ ක්‍රීඩාව ' යන්නයි.විද්වතුන් විස්වාස කරන ආකාරයට චෙස් ක්‍රීඩාව ලොව පැරණිතම ක්‍රීඩාවකි.කොතරම් පැරණිද යත් මීට වසර 5000 කට එහා ඉතිහාසයක් චෙස් ක්‍රීඩාවට ඇත.


 චෙස් ක්‍රීඩාවේ උපත සම්බන්ධයෙන් විවිධ මත පවතී.ඒම මත කිහිපයක් නම්

1. චෙස් ක්‍රීඩාව ආරම්භ වී තිබෙන්නේ පර්සියාවේය( Persia ).එනම් වත්මන් ඉරානයයි.ඉරානයේ චෙස් ක්‍රීඩාව හඳුන්වන්නේ 'ෂා'( Shah ) යන නමිනි.මෙම වචනයේ තේරුම 'රජු' යන්නයි.මේ චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබෙන එක් මතයකි.
2. චෙස් ක්‍රීඩාව ආරම්භ වී ඇත්තේ ඉන්දියාවේය.පැරණි ඉන්දීය රජවරු සහ අධිරාජ්‍යවරු තමන් තුල යුද්ධයට තිබුණු ආශාව හානියකින් තොර ක්‍රමයකට සංසිඳුවා ගත්තේ චෙස් ක්‍රීඩාවෙනි. ක්‍රි.ව 600 කාලයේදී ඉන්දියාවේ මෙය ' චතුරංග '( Chaturanga  ) යන නමින් හඳුන්වා තිබේ .

වර්තමානයේදී බොහෝ දෙනා පිලිගන්නා මතයනම් චෙස් ක්‍රීඩාව ඉන්දියාවේදී ආරම්භ වූ බවයි .

චෙස් ක්‍රීඩාව යුද්ධයක් ලෙස පුනරූපනය කිරීමට හේතු ,

1. මෙයට එක් හේතුවක් වන්නේ චෙස් ක්‍රීඩාව පුරාණයේදී භාවිතයේ පැවතුනේ රජවරුන් හා රාජකීය        පවුල් අතර පමණක් වීමයි.
2. පැරණි ඉන්දීය රජවරු සහ අධිරාජ්‍යවරු තමන් තුල යුද්ධයට තිබුණු ආශාව හානියකින් තොර ක්‍රමයකට සංසිඳුවා ගත්තේ චෙස් ක්‍රීඩාවෙනි
3. අතීතයේදී මෙම ක්‍රීඩාවෙන් යුධ ස්වරූපයක් නිරූපනය වූ අතර චතුරංග සේනාවක්ද( ඇත් , අස් , රිය , පාබල ) භාවිතා කෙරිණි.එකල චෙස් ඉත්තන් ඇතා , අසරුවා , රථය , සෙබලා , ඇමති හා රජු ලෙස හැඳින්විය .





ප.ලි - චෙස් ක්‍රීඩවේ උපත ගැන තවත් මත කිහිපයක් තිබෙනවා.මම දෙකක් විතරක් දැම්මේ පෝස්ට් එක දිග වෙන නිසා.දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක දාන්න.

( ඔබගේ අදහස් , යෝජනා , චෝදනා  thelionchess@gmail.com  වෙත යොමු කරන්න )

1.       

20 comments:

  1. නියමයි දිගටම ලියන්න ,මමත ආසම ක්‍රිඩාවක් චෙස් කියන්නේ,ඉදිරියේදි චෙස් පිලිබද හරවත් ලිපි ගොන්නක් බලාපොරොත්තු වෙනවා....

    ReplyDelete
  2. පැරණි ඉන්දියාවේ එක්තරා අධිරාජ්‍යෙයක් යුද්ධයක් සඳහා තම පුත්‍රයා සහ විශ්වාසවන්තම ඇමතිවරයා සේනාධිනායක වශයෙන් යවනවා.
    ඇමතිගෙන් ලැබෙන පණිවිඩ වැරදියට තේරුම් ගැනීම නිසා රජ කුමරු සතුරන්ට කොටුවී පරලොව යනවා.ආපසු පැමිණි විට රජු තම ඇමතිගෙන් නිදහසට කරුණු විමසනවා තම පුත්‍රයාගේ මරණය සම්බන්ධව.
    එවිට එම ඇමතිවරයා යුද්ධයේදී තම සෙබලුන් හා සතුරන් යුධ කල ආකාරයට පෙතක පිහිටවූ රූපක මඟන් පෙන්වා තම නිර්දෝශීත්වය ඔප්පු කරනවා.මම අසාඇති ආකාරයට ඔහොම තමයි චතුරංග ක්‍රීඩාව ඇතිවුනේ..

    ReplyDelete
  3. මාත් හරිම ආසයි චෙස් වලට...එත් ඉස්කෝලේ යන කාලේ කළේ නෑ..දැන් කරන්න වෙලාවක් නෑ.....එත් කවුරු හරි ප්ලේ කරනවා බලන් ඉන්න ආසයි...දිගටම ලියන්න

    ReplyDelete
  4. හැමදේම තනියම ඉගෙන ගන්න මට තනියම ඉගෙන ගන්න බැරි උන එකම ගේම් එක මේකේ පිහිටෙන්වත් චෙස් ඉගෙන ගන්න ට්‍රයි එකක් දෙන්ට ඕනි

    ReplyDelete
  5. අම්මේ චැස් නේද> ;)

    ReplyDelete
  6. ආ.. මරුz මමත් අර කලින් පිලියෙ කියල තිබුන වගේ අතර මග නවත්තපු කෙනෙක් :D දිගටම ලියන්න, මොකද ආයෙ චෙස් අදින්න හිතුන මට ;)

    ReplyDelete
  7. මේ ළඟදි වර්තමාන චෙස් ලෝක ශූරයා විශ්වනාත් ආනන්ද්ගෙ සාකච්චාවකදි චෙස් වල ආරම්භය ගැන ඇහුවම එයා කියල තිබ්බා රාවණා රජ්ජුරුවො ගැන කතාවක්. හැබැයි කියා තිබ්බේ රාවණා රජ්ජුරුවෙ ඉන්දියාවෙ කෙනෙක් කියල හැඟෙන විදිහට

    මෙන්න ඒ ගැන
    1.චෙස් මේකත් රාවණාගේ වැඩක් ද ?

    ==
    මම ලියපු එකක්
    2. මකර රජදහනේ ජාතික ක්‍රීඩාව

    ReplyDelete
  8. ලිපිය බොහොම වැදගත්. ඉදිරියටත් මෙවන් ලිපි කියවන්න උනන්දුවෙන් ඉන්නවා.

    ReplyDelete
  9. හැමදේම මුල ඉදලම ඉගන ගන්න ලැබෙන එක නම් ගොඩාක් වටිනවා. සර් උගන්නන්න්කෝ එහෙනම් චෙස් වල අල ගිය මුල ගිය තැන් හැම එකක් ගැනම. අපි ඉගන ගන්න කැමති හොද ළමයි

    ReplyDelete
  10. @ අසoක
    ස්තූති අසංක.හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙටනේ .............:D

    @ අපි දෙන්නා
    ස්තූති මේ පැත්තේ ආවට.කමක් නෑ පොඩ්ඩක් ඉගෙන ගමු ............:D

    @ පන්සල් හංදිය
    ස්තූතී.තව තියෙනවා ..............:D

    @ ශානු
    චෙස් කියන්නේ අමාරු දෙයක් නෙමෙයි.උත්සාහ කරමු අනිවා පුලුවන් .............:D

    @ ඉන්දික
    ඔව් ඔව් චෙස් තමා ............:D

    @ සසීන්ද්‍ර වීරසිංහ
    එළ එළ ආයේ පටන් ගමු ................:D

    @ Chanaka Aruna Munasinghe
    ස්තූති මකරයියේ.මාත් ඔය කතාව අහලා තියනවා.එතකොට රාවණා රජ්ජුරුවොත් ඉන්දියාවේ නේද ..........:D :D :D

    @ RanDil
    ස්තූති රන්දි අක්කේ හොඳ හොඳ ඒවා තව තියනවා ...........:D

    @ චතූ......
    එහෙනම් එළ .............:D

    @ අම්බලම
    ඔව් ඔව් මුල ඉඳලම උගන්නනවා.ළමයි හැමදාම පන්ති එන්න ඕනේ.කට් කරන්න බෑ හරිය .........:D

    ReplyDelete
  11. @ තීර්ථ යාත්‍රිකයා
    බොහොම ස්තූති කතාවට.මම නම් ඕකට සමානව අහලා තියන කතාව මේකයි ......

    පැරණි ඉන්දියාවේ සිටි එක් රජ කෙනෙකු මිය ගිය පසු රජකම ලබාගන්න ඔහුගේ පුතුන් දෙදෙනා එකිනෙකා හා යුද්ධ කිරීමට සැරසෙනවා.මේ යුද්ධයෙන් තම පුතෙකු මිය ගියොත් එය දරාගැනීමට නොහැකි නිසා මවු බිසව විසින් කුමාරවරු දෙදෙනාහට නීතියක් පනවනවා.ඒ යුද්ධය අතර තුර සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් මිය නොයා යුතුයි කියලා.කෙසේ හෝ යුද්ධය අතර තුර එක් සොහොයුරෙකු වෙනත් හේතුවකින් මියයනවා.නමුත් ඒ කුමාරයා මියගියේ යුද්ධය නිසා නොවන බව මවු බිසවට තේරුම් කර දීමට අනෙක් කුමාරයාට සිදුවෙනවා.ඔහු කරන්නේ තමන්ගේ චතුරංග සේනාව( ඇත් , අස් , රිය , පාබල ) සංකේතවත් කරමින් ඉත්තන් සාදා පුවරුවක් තුල යුද්ධ භූමිය සකස් කොට යුද්ධය සිදුවූ ආකාරය මවු බිසවට පැහැදිලි කර දෙනවා.කුමාරයා මිය ගියේ යුද්ධය නිසා නොවන බව තේරුම් ගත් මවු බිසව අනෙක් කුමාරයා හට රජකම ලබා දෙනවා.එසේ සකස් කල පුවරුව හා ඉත්තන් විකාශනය වී චෙස් ක්‍රීඩාව ආරම්භ වූ බව තවත් එක් මතයක් ................

    ReplyDelete
  12. සර්. මුල පාඩම නම් තේරුනා. හබැයි ප්‍රශ්න අහන්න නම් එපා. මොකක්ද සර් මේ Brain through the Game කියන්නෙ. මෙක මොලේ ඇතුලෙන් යන එකක්ද. අනේ සර් චෙස් ඇදල මගේ තියෙන මොලෙත් නැති වෙන එකක් නෑ නේද? Brain through the Game කිව්වම බය හිතෙනව. එකයි ඇහුවෙ. ඉස්කොලෙන් කට්ටි පැන්න නිසා ඕවා එච්චර තේරෙන්නෙ නෑ සර්

    ReplyDelete
  13. අද තමයි මේ පැත්තෙ ආවෙ සිංහයෝ. ගොඩක් වැදගත් බ්ලොග් එකක්. දිගටම ලියන්න. මගෙනුත් උණුසුම් සුභපැතුම්.....!

    ReplyDelete
  14. ආ මාත් අදනෙ දැක්කෙ අපේ ලයන්ගෙ චෙස් පිටිය..
    බලමු ඉගෙනගන්න සිංහයගෙන්වත්..
    දිගටම ලියමු.. ජය!!

    ReplyDelete
  15. @ nuraj
    ඒකේ සිංහල තේරුමත් දාලා තියෙනවා දැක්කේ නැද්ද .......?


    @ blog gadol
    බොහොම ස්තූති අයියේ මේ පැත්තේ ආවට.දිගටම එන්න චෙස් ඉගෙන ගන්න.ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. සිංහයා මුලින්ම කියවපු සිංහල බ්ලොග් එක තමා බ්ලොග් ගඩොල්............:D


    @ හිම කුමාරි
    ස්තූති කුමාරි අක්කේ .දිගටම මේ පැත්තේ එන්න.ඕන කෙනෙකුට උගන්නනවා ................:D

    ReplyDelete
  16. සිංහ චෙස් පන්තිය නැගලම යනව නේ. ලියහන් ලියහන්. -මාත් ලාවට දන්නවා නොවැ වටිනවා ඈ-

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. හොද වැඩක්. ඇයි මගදි නැවැත්තුවේ. මේ මම අළුතින් පටන් ගත්ත එකක් http://chesslanka.weebly.com/

    ReplyDelete