Friday, September 9, 2011

චෙස් ක්‍රීඩාවේ මූලික සංකල්ප 2


චෙස් ක්‍රීඩාවේ ව්‍යාප්තිය ........

චෙස් ක්‍රීඩාවේ ව්‍යාප්තිය අවස්ථා 3 කදී සිදුවූ බව විශ්වාස කෙරේ.එකල මෙම ක්‍රීඩාව එක් රාජ්‍යක සිට තවත් රාජ්‍යකට ලබා දෙන ත්‍යාගයක් ලෙස භාවිතා කෙරිනි.ඒ ආකාරයෙන් මෙය ක්‍රි.ව 580 දී පමණ උතුරු ඉන්දියාවේ සිට පර්සියාවට( ඉරානය ) ව්‍යාප්ත විය.ආරාබීන් විසින් පර්සියාව ආක්‍රමණය කිරීමත් සමගම චෙස් ක්‍රීඩාව හට අරාබියානු මුහුණුවරක්ද එකතු විය.





  ඉන්පසු එල්ල වූ ස්පාඤ්ඤ ආක්‍රමණ හේතුවෙන් ස්පාඤ්ඤ ජාතිකයන් අතරද චෙස් ක්‍රීඩාව ප්‍රචලිත විය. මෙකල පැවති වෙළඳාම් කටයුතු හා වෙනත් ආක්‍රමණ , සංක්‍රමණ හේතුවෙන් චෙස් ක්‍රීඩාව මැදපෙරදිය ප්‍රදේශයටත් අනතුරුව යුරෝපයටත් ව්‍යාප්ත විය.යුරෝපීයන් විසින් චෙස් ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත කරන ලදී.



  චෙස් ක්‍රීඩාව විවිධ රටවල් කරා ව්‍යප්ත වීමේදී ඒ ඒ රටවල් වල සංස්කෘතික ලක්ෂන එයට එකතු විය.විවිධ රටවල් වල චෙස් ඉත්තන්ගෙන් එය පැහැදිලිව දැකිය හැක .


විවිධ රටවල් වලදී හා විවිධ ජාතීන් චෙස් ක්‍රීඩාව හැඳින්වූ නම් ...........

ඉන්දියාව - Chaturanga , Shatranj
පර්සියාව ( ඉරානය ) - Shah
එංගලන්තය - Chess
ජර්මනිය - Schach
ලන්දේසි ( නෙදර්ලන්තය ) - Schaak
අයිස්ලන්තය - Skak
ප්‍රංශය -  Echecs
ඉතාලිය - Scacchi
රුසියාව - Sachmatai
චීනය - Xiangqi
ජපානය -  Shogi
කොරියාව - Janggi

වැදගත් යමක් -
     චෙස් ක්‍රීඩාව පිළිබඳ මුල්ම හොඳම ආරම්භක න්‍යායධරයෝ ( Opening ) වූයේ අරාබීන්ය.මෙම ක්‍රීඩාවේ ඇදීම් වාර්තාගත කිරීම සඳහා යොදා ගැනෙන ඇල්ජිබ්‍රේක් ( Algebraic ) ක්‍රමය හඳුන්වා දෙනු ලැබුයේද ඔවුහුය.

ප.ලි - චෙස් ක්‍රීඩාව සඳහා භාවිතා කරන තවත් නම් දන්න අය ඉන්නවා නම් කමෙන්ට් වල සඳහන් කරන්න .

6 comments:

  1. මම චෙස් ගැන නම් දන්නව අඩුයි මචෝ.. ඒත් අව්ලක් නෑ. මම මේ බ්ලොග් එක නම් බලනව..

    ජය...

    ReplyDelete
  2. සිංහයා මේ සිංහයාගේ බ්ලොග් එක බලන්න ආවද.එළ එළ දිගටම මේ පැත්තේ එන්න ...............:D

    ReplyDelete
  3. අගේ ඇති අඩවියක්. චෙස් වල භාවිතා වන සිංහල නම් එහෙම දැනගන්න යළි යළිත් එන්නම්.

    ReplyDelete
  4. කෝ මේක මෙතනින් නැවතුනා ද...?

    ReplyDelete
  5. ඇත්තටම වැදගත්

    ReplyDelete