Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts

Monday, August 29, 2011

චෙස් ඉගෙන ගමු


                අද ලෝකයේ බොහෝ ක්‍රීඩා තිබේ.එම බොහෝමයක් ක්‍රීඩා තම ශරීර ශක්තිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.නමුත් ඉතා සුලු ක්‍රීඩා කිහිපයක් පමනක් මානසික ශක්තිය නොහොත් බුද්ධිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.එම ක්‍රීඩා කිහිපය අතරිනුත් චෙස් ක්‍රීඩාව ඉදිරියෙන්ම තිබෙන ක්‍රීඩවකි. 

     බ්ලොග් වලදී සහ ගූගල් බස් වලදී මට හමුවූ බොහෝ අය චෙස් කීඩාව කෙරෙහි කැමැත්තක් ඇති අයයි. බොහෝ දෙනා චෙස් ඉගෙන ගැනීමට කැමත්තක් දක්වති.තවත් අය විවිධ හේතු මත චෙස් ක්‍රීඩාව අතරමග නවත්වා ඇති අයයි.කිහිපදෙනෙක් දැනටත් චෙස් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටී. එම නිසා ඒ සියලු දෙනාහට චෙස් ක්‍රීඩාව ඉගෙන ගැනීමටත් තම තමන්ගේ චෙස් හැකියාවන් වර්ධනය කර ගැනීමටත් උපකාරීවීම මාගේ බලාපුරුත්තුවයි. මේ අතරම මාගේ චෙස් ක්‍රීඩා ජීවිතයේ අත්දැකීම්ද ඔබ හා බෙදාහදා ගන්නෙමි.

     
චෙස් ක්‍රීඩාව පිලිබඳව හා මේ බ්ලොග් එකේ පලවන දේවල් පිලිබඳව ගැටලු ඇත්නම් මා දැනුවත් කරන ලෙසත් චෙස් ක්‍රීඩාව ගැන ඔබ සතු දැනුම මාහා බෙදා ගන්නා ලෙසටත් කාරුණිකව ඉල්ලමි ............

( ඔබගේ අදහස් , යෝජනා , චෝදනා  thelionchess@gmail.com වෙත යොමු කරන්න )