Friday, September 9, 2011

චෙස් ක්‍රීඩාවේ මූලික සංකල්ප 2


චෙස් ක්‍රීඩාවේ ව්‍යාප්තිය ........

චෙස් ක්‍රීඩාවේ ව්‍යාප්තිය අවස්ථා 3 කදී සිදුවූ බව විශ්වාස කෙරේ.එකල මෙම ක්‍රීඩාව එක් රාජ්‍යක සිට තවත් රාජ්‍යකට ලබා දෙන ත්‍යාගයක් ලෙස භාවිතා කෙරිනි.ඒ ආකාරයෙන් මෙය ක්‍රි.ව 580 දී පමණ උතුරු ඉන්දියාවේ සිට පර්සියාවට( ඉරානය ) ව්‍යාප්ත විය.ආරාබීන් විසින් පර්සියාව ආක්‍රමණය කිරීමත් සමගම චෙස් ක්‍රීඩාව හට අරාබියානු මුහුණුවරක්ද එකතු විය.





  ඉන්පසු එල්ල වූ ස්පාඤ්ඤ ආක්‍රමණ හේතුවෙන් ස්පාඤ්ඤ ජාතිකයන් අතරද චෙස් ක්‍රීඩාව ප්‍රචලිත විය. මෙකල පැවති වෙළඳාම් කටයුතු හා වෙනත් ආක්‍රමණ , සංක්‍රමණ හේතුවෙන් චෙස් ක්‍රීඩාව මැදපෙරදිය ප්‍රදේශයටත් අනතුරුව යුරෝපයටත් ව්‍යාප්ත විය.යුරෝපීයන් විසින් චෙස් ක්‍රීඩාව ලොව පුරා ව්‍යාප්ත කරන ලදී.



  චෙස් ක්‍රීඩාව විවිධ රටවල් කරා ව්‍යප්ත වීමේදී ඒ ඒ රටවල් වල සංස්කෘතික ලක්ෂන එයට එකතු විය.විවිධ රටවල් වල චෙස් ඉත්තන්ගෙන් එය පැහැදිලිව දැකිය හැක .


විවිධ රටවල් වලදී හා විවිධ ජාතීන් චෙස් ක්‍රීඩාව හැඳින්වූ නම් ...........

ඉන්දියාව - Chaturanga , Shatranj
පර්සියාව ( ඉරානය ) - Shah
එංගලන්තය - Chess
ජර්මනිය - Schach
ලන්දේසි ( නෙදර්ලන්තය ) - Schaak
අයිස්ලන්තය - Skak
ප්‍රංශය -  Echecs
ඉතාලිය - Scacchi
රුසියාව - Sachmatai
චීනය - Xiangqi
ජපානය -  Shogi
කොරියාව - Janggi

වැදගත් යමක් -
     චෙස් ක්‍රීඩාව පිළිබඳ මුල්ම හොඳම ආරම්භක න්‍යායධරයෝ ( Opening ) වූයේ අරාබීන්ය.මෙම ක්‍රීඩාවේ ඇදීම් වාර්තාගත කිරීම සඳහා යොදා ගැනෙන ඇල්ජිබ්‍රේක් ( Algebraic ) ක්‍රමය හඳුන්වා දෙනු ලැබුයේද ඔවුහුය.

ප.ලි - චෙස් ක්‍රීඩාව සඳහා භාවිතා කරන තවත් නම් දන්න අය ඉන්නවා නම් කමෙන්ට් වල සඳහන් කරන්න .

Friday, September 2, 2011

චෙස් ක්‍රීඩාවේ මූලික සංකල්ප


චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය ...........

               ඕනෑම ක්‍රීඩාවකට උපතක් තිබේ.එසේත් නැතිනම් එම ක්‍රීඩාවේ ආරම්භයට ඉතිහාසයක් තිබේ.අප ක්‍රීඩා කිරීමේදීත් ක්‍රීඩා කරන ආකාරය බලා සිටීමේදීත් එම ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳව යම්කිසි මතක සටහනක් තිබේ නම් එම ක්‍රීඩාව පිළිබඳව සම්පූර්ණ තෘප්තියක් ලැබිය හැක.

     අද ලෝකයේ බොහෝ ක්‍රීඩා තිබේ.එම බොහෝමයක් ක්‍රීඩා තම ශරීර ශක්තිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.නමුත් ඉතා සුලු ක්‍රීඩා කිහිපයක් පමනක් මානසික ශක්තිය නොහොත් බුද්ධිය යොදා ගනිමින් කලයුතු ක්‍රීඩාය.එම ක්‍රීඩා කිහිපය අතරිනුත් චෙස් ක්‍රීඩාව ඉදිරියෙන්ම තිබෙන ක්‍රීඩවකි. 
  
     චෙස් ක්‍රීඩාවට තිබෙන අන්වර්ත නාමය ' රජ වරුන්ගේ ක්‍රීඩාව ' යන්නයි.විද්වතුන් විස්වාස කරන ආකාරයට චෙස් ක්‍රීඩාව ලොව පැරණිතම ක්‍රීඩාවකි.කොතරම් පැරණිද යත් මීට වසර 5000 කට එහා ඉතිහාසයක් චෙස් ක්‍රීඩාවට ඇත.


 චෙස් ක්‍රීඩාවේ උපත සම්බන්ධයෙන් විවිධ මත පවතී.ඒම මත කිහිපයක් නම්

1. චෙස් ක්‍රීඩාව ආරම්භ වී තිබෙන්නේ පර්සියාවේය( Persia ).එනම් වත්මන් ඉරානයයි.ඉරානයේ චෙස් ක්‍රීඩාව හඳුන්වන්නේ 'ෂා'( Shah ) යන නමිනි.මෙම වචනයේ තේරුම 'රජු' යන්නයි.මේ චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබෙන එක් මතයකි.
2. චෙස් ක්‍රීඩාව ආරම්භ වී ඇත්තේ ඉන්දියාවේය.පැරණි ඉන්දීය රජවරු සහ අධිරාජ්‍යවරු තමන් තුල යුද්ධයට තිබුණු ආශාව හානියකින් තොර ක්‍රමයකට සංසිඳුවා ගත්තේ චෙස් ක්‍රීඩාවෙනි. ක්‍රි.ව 600 කාලයේදී ඉන්දියාවේ මෙය ' චතුරංග '( Chaturanga  ) යන නමින් හඳුන්වා තිබේ .

වර්තමානයේදී බොහෝ දෙනා පිලිගන්නා මතයනම් චෙස් ක්‍රීඩාව ඉන්දියාවේදී ආරම්භ වූ බවයි .

චෙස් ක්‍රීඩාව යුද්ධයක් ලෙස පුනරූපනය කිරීමට හේතු ,

1. මෙයට එක් හේතුවක් වන්නේ චෙස් ක්‍රීඩාව පුරාණයේදී භාවිතයේ පැවතුනේ රජවරුන් හා රාජකීය        පවුල් අතර පමණක් වීමයි.
2. පැරණි ඉන්දීය රජවරු සහ අධිරාජ්‍යවරු තමන් තුල යුද්ධයට තිබුණු ආශාව හානියකින් තොර ක්‍රමයකට සංසිඳුවා ගත්තේ චෙස් ක්‍රීඩාවෙනි
3. අතීතයේදී මෙම ක්‍රීඩාවෙන් යුධ ස්වරූපයක් නිරූපනය වූ අතර චතුරංග සේනාවක්ද( ඇත් , අස් , රිය , පාබල ) භාවිතා කෙරිණි.එකල චෙස් ඉත්තන් ඇතා , අසරුවා , රථය , සෙබලා , ඇමති හා රජු ලෙස හැඳින්විය .





ප.ලි - චෙස් ක්‍රීඩවේ උපත ගැන තවත් මත කිහිපයක් තිබෙනවා.මම දෙකක් විතරක් දැම්මේ පෝස්ට් එක දිග වෙන නිසා.දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක දාන්න.

( ඔබගේ අදහස් , යෝජනා , චෝදනා  thelionchess@gmail.com  වෙත යොමු කරන්න )

1.